රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන තත්ත්වය මත ජනතාවට අත්‍යාවශ්‍ය වූ එළවළු තොගයක් භූමිතෙල් දමා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා වන චමික වැවේගෙදර මහතාට එරෙහිව පරික්ෂණයක් අරඹා තිබේ.
පසුගිය දා බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එළවළු අලෙවි කිරීමට ගිය අත්‍යවශ්‍ය සේවා ලොරි රථයක් රත්නපුර නගරයට පනවා තිබෙන පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නගරයේ සිටම එළවළු අලෙවි කරමින් සිටින අතර එම අවස්ථාවට කඩා වැදුනු බලංගොඩ නගර සභා සභාපති චමික වැවේගෙදර කිසිඳු දැනුම්දීමකින් තොරව ඔහු විසින්ම භූමි තෙල් හලා එම එළවළු විනාශ කර තිබේ.
මේ පිළිබඳ එළවළු වෙළඳුන් පවසන්නේ එම එළවළු තොගයට භූමි තෙල් නොදමා නගරයෙන් පිටව යන්නැයි ප්‍රකාශ කළා නම් එම එළවළු තොගය අවශ්‍යතාවක් තිබූ පුද්ගලයන්ට හෝ සතෙකුට ආහාර වශයෙන් දිය හැකිව තිබූ බවයි.
ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතක එලවලු තොගයක් නැවත පාරිභෝජනය කළ නොහැකි ලෙසට විනාශ කර දැමීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වෙමින් තිබේ. සමාජජාලා වල අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුනේ නීතිය අතට ගැනීමත්, එළවළු විනාශ කිරීම සම්බන්ධයෙනුත් අදාළ ප්‍රාදේශීය දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට ඓරහිව පරික්ෂණයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.
