Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මාර්ගවල ගමන් කිරීමේ දී මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්යයි

මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේ දී අද (11) දිනයේ සිට මුහුණු ආවරණ පැළැඳ සිටීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව, මුහුණු ආවරණ නොමැතිව ගමන් කරන සියළුදෙනා ආපසු හරවා යැවීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ මහා මාර්ගවල සේවයේ යොදවා සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසෙියේ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ය.

එසේම, මේ වන විට රාජකාරී කටයුතුවල නියැලි සිටි පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Giraya News Alerts

ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top