ගෙවී ගිය පැය 24 තුළ දී තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එම රෝගීන් හත් දෙනාගෙන් රෝගීන් 06 දෙනෙකුම වාර්තා වන්නේ ජා – ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඔවුන් සියළුදෙනාම සුදුවැල්ල ප්‍රදේශයෙන් ඕලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය පුද්ගලයින් බවත් යුදහමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
