සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කළ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා දැමීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ ලිපිය මේ වන විට නාලක රණවීර මහතාට යොමු කර ඇත.
මීට අමතරව, ඔහුට අදාළව නීතිමය කටයුතු සිදු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවශ්‍ය විධි විධාන සලස්වා තිබෙන බව වාර්තා වේ.
අදාළ සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා ඇතුළු පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.
