Advertise with Giraya
Giraya NewsGiraya News
TECHNOLOGY

කොරෝනා වෛරසය මර්දනයට දායක විය හැකි නව නිපැයුම් 109ක්

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ එම වෛරසය මර්දනය සඳහා යොදා ගත හැකි නව නිපැයුම් රාශියක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සඳහන් කරනවා.

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් රංගික හල්වතුර මහතා පවසන්නේ මේ වන විට වෛරසය මර්දනය සඳහා දායක විය හැකි නව නිපැයුම් 109 ක් සිය ආයතනය වෙත ලැබී ඇති බවයි. එසේම, එම නිර්මාණ අතරින් 13 ක් වැඩි දියුණු කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීමට නව නිපැයුම්කරුවන්ගේ කොමිසම දැනටමත් පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

දැනට ලැබී ඇති සියලූ නව නිපැයුම් ඇගයීමට ලක් කර එම නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලූ සහය ලබා දීමටත් එම නව නිපැයුම් සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට ද සිය ආයතනය සූදානම් බව ද ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top