Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

නැවත දැනුම් දෙන තුරු වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

නැවත දැනුම් දෙන තුරු වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර ඇත. ඒ පවතින තත්ත්වය මත ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරිම, බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම අත්‍යාවශ්‍ය බැවින් කෝවිඩ් 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වී මෝල් හිමියන්ගේ සේවාවන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, දිවයිනේ සියලුම සහල් මෝල හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කටයුතු කළ යුතු බවත් සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාරියාල බල ප්‍රාද්ශය තුළත්, මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින් පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමාගේ නියෝග මහත ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.

එම නිවේදනය පහතින්.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top