Advertise with Giraya
NEWS

සුවය ලැබූ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහළට

Update 9.05 PM

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වී තවත් රෝගින් හතරදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනයේ දී පමණක් රෝගීන් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එසේ සුවය ලැබූ රෝගීන් ගණන 54ක් වේ.

මීට අමතරව අද (10) පස්වරු 4.30න් අවසන් වූ පැය 24 තුළ කිසිදු නව අසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි. ඔහු මේ බව සඳහන් කළේ කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වියත මධ්‍යස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවේ දී ය.

ඒ අනුව, දැනට රෝගීන් 129 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

____________________________________________________________________________

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ රෝගීන් අතුරින් රෝගීන් 50 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (10) දිනයේ ද තවත් රෝගියෙකු සුවය ලැබීමත් සමඟ ය.

දැනට රෝගීන් 133 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් රෝහල්වල පසුවන අතර 7 දෙනෙකු වෛරසය නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (09) දිනයේ දී එක් ආසාදිතයෙකු වාර්තා වූ අතර දැනට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 190ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top