Advertise with Giraya
FOREIGN

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂයකට ආසන්නයි… ඇමරිකාවේ දිනකට ආසාදිතයන් 33,000 ඉක්මවයි

ලොව පුරා කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 95, 736ක් වේ. වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,604,736ක් වේ. එමෙන්ම, දැනට 356,671 දෙනෙකු සුවය ලබා ඇත.

මේ වන විට, කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වෙමින් පවතින්නේ ඇමරිකා එක්සත් ජනපදයට වේ. ඊයේ (09) දිනයේ දී පමණක් ඇමරිකා එක්සත් ජනපදය තුළින් වෛරසය ආසාදනය වූවන් 33,536 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 1900 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. එසේම, ඇ.එ.ජ රෝගීන් 10,000කට අධික ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.

කෝවිඩ් 19 වෛරසය නිසා දැනට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඒ පුද්ගල ජීවිත අහිමි වීම් 18,279ක් වේ. මේ වන විට, ඇමරිකා එක්සත් ජනපදය එම සංඛ්‍යාවට ආසන්න වෙමින් පවතියි. ඒ, ඇ.එ.ජ පුද්ගලයින් 16,691කගේ ජීවිත අහිමි වීමෙන් පසුවය.

Giraya News Alerts

ඇමරිකා එක්සත් ජනපදයට පසුව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් ඊයේ (09) දිනය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රංශයෙන් ය. ඒ පුද්ගල මරණ 1341ක් වේ. මේ වන විට ඇමරිකාවෙන් සහ ප්‍රංශයෙන් දිනපතා 1000කට වැඩි පුද්ගලයින් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන අතර ඇමරිකාවේ එම ප්‍රමාණය 2000කට ආසන්න වේ.

ඊයේ (09) දිනය තුළ දී පමණක් ප්‍රංශයෙන් නව ආසාදිතයන් 4799 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වන විට 82,333දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. ඉන් 7066 දෙනෙකුගේ තත්ත්වය බරපතල වේ.

බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය හා ඉතාලිය යන රටවල් වලින් තවමත් දිනකට පුද්ගල මරණ 500 ඉක්මවා වාර්තා වන අතර එම රටවල් අතරින් බ්‍රිතාන්‍යයේ රෝග ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක පවතියි. නව ආසාදිතයින්ගේ වාර්තා වීම තවමත් අඩු වී නැති අතර පුද්ගල මරණ සංඛ්‍යාවද වැඩිවෙමින් පවතියි. ඊයේ (09) දිනට පමණක් රෝගීන් 881 දෙනෙකු මරණයට පත්වී ඇති අතර පසුගිය 08 වැනිදා බ්‍රිතාන්‍යයේ වැඩිම මරණ සංඛ්‍යාව වූ පුද්ගලයින් 938 කගේ ජිවිත අහිමි විම වාර්තා විය.

ඊයේ (09) දිනයේ දී ස්පාඤ්ඤයේ පුද්ගලයින් 655 දෙනෙකු මරණයට පත්වී ඇති අතර නව ආසාදිතයින් 5002 දෙනෙකු වාර්තා වී ඇත. ඉතාලියේ ඊයේ (09) දිනයට පමණක් පුද්ගලයින් 610ක් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 18,279ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top