Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කල් යවන්න එපා…ගෙයින් ගෙට ගොස් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්න

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇණහිට ඇති ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන තවදුරටත් කි‍්‍රයාත්මක නොවුණහොත් ඉදිරියේදී භයානක ප‍්‍රථිඵල අත්විය හැකි බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසනවා.

එම නිසා, ළදරුවන් සහ කුඩා දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් කල් නොයවා වහාම කි‍්‍රයාත්මක කළ යුතු බව එම සංගමය සඳහන් කරයි.

ඒ පිළිබඳ කරුණු දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ මෙම එන්නත් ලබාදීම ප්‍රමාද කළ හැක්කේ සති දෙකක් වැනි කාලයකට පමණක් බවත් ඒ අනුව සියලු ආරක්ෂක විධිවිධානවලට අනුව එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවද සඳහන් කළා.

Giraya News Alerts

පවතින තත්ත්වය යටතේ දරුවන්ට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ගෙයින් – ගෙට ගොස් කි‍්‍රයාත්මක කිරීමට වුව ද සිය සාමාජිකාවන් සූදානම් බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත්, ගෙයින් – ගෙට ගොස් ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට අවදානය යොමුව ඇතත් මෙතෙක් එය ප‍්‍රමාද වීම කණගාටුවට කරුණක් බව ද එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top