සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තණමල්විල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (09) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දින ගණනාවක් අවස්ථා කිහිපයක දී මෙම දැරිය සමූහ අපයෝජනයට ලක් කර ඇති මෙම පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම අතර එම දැරියගේ ඥාතීවරයෙක් ද සිටින බව වාර්තා වේ. දැනට අදාළ සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
