අද(09) දිනයේ දී මේ වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ් අනුව, දැනට මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 190ක් වෙයි.
එසේම, දැනට රෝගීන් 134 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටින අතර තවත් 49 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එමෙන්ම, මෙරටින් දැනට කෝවිඩ් 19 වෛරසය නිසා සිදු වූ මරණ 7ක් වාර්තා වී ඇත.
