Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා නිසා ඊයේ මිය ගිය පුද්ගලයාගේ ආදාහනයට ඥාතීන්ගේ පූර්ණ සහයෝගය

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (08) පස්වරුවේ මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුව අද (09) පෙරවරුවේ දී කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

44 හැවිරිදි ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මුස්ලිම් ජාතිකයෙකු වු මෙම පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකිි. ඔහු උපදෙස් පිළිනොපැද රෝගය වසන් කරමින් ප්‍රදේශ කිහිපයකම සැරිසරා තිබූ නිසා පොලීසිය විසින් ඔහුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද පවරා තිබුණි.

පරිපාලන මහජන සෞඛ්‍ය පරෟක්ෂක නලින් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඔහු මුස්ලිම් ජාතිකයෙකු වුවත් ඔහුගේ ඥාතීන්ගේ කැමැත්ත හා සහයෝගය ඇතුව එම ආදාහන කටයුතු සිදු කිරීමට හැකි වූ බවයි. එසේම, ඔවුන් පවතින තත්ත්වය තේරුම් ගෙන ඉතාමත් නම්‍යශීලීී අයුරින් ඔවුන්ගේ රාජකාරිිය ඉටු කිරීමට සහයෝගය දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts

ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණීමෙන් පසු ඔහුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඊයේ (08) නිවේදනය කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top