Advertise with Giraya
NEWS

පොලීසිය සමඟ කට්ටි පැන්න ජා – ඇල, පමුණුගම කොරෝනා ආසාදිතයා සමඟ සබඳකම් පැවැත් වූ 23ක් සොයා ගනියි

ඉකුත් ඉරිදා ජා-ඇල පමුණුගම ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා සමග සමීප සම්බන්ධකම් පවත්වනු ලැබූ 23 දෙනෙකු සොයා ගැනීමට නාවික හමුදා බුද්ධි අංශය අද (09) සමත්ව තිබෙනවා.

මෙම පිරිස අදාළ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීපව සම්බන්ධකම් පැවැත්වීම නිසා ඔවුන්ට සිය නිවෙස් තුලදී ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදී තිබුණ ද මොවුන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දැඩිව ඇබ්බැහිව සිටි පුද්ගලයින් බැවින් මොවුන් නිවෙස් වලින් පැන ගොස් ඇත.

කෙසේ වුවත්, ඔවුන් එම නිරෝධායන උපදෙස් උල්ලංඝණය කොට ප්‍රදේශයේ විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය සොයා සැරිසරන නිසා ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට සෞඛ්‍ය බලධාරින් සහ පොලිසිය එක්ව ක්‍රියා කලත් ඔවුන් නිවෙස් වලින් කට්ටි පැන ගොස් ඇත.

නමුත්, නාවික හමුදාවේ බස්නාහිර පළාත් බුද්ධි ඒකකය විසින් සිය නිලධාරින් යොදවා එම පුද්ගලයින් 23 දෙනා සොයා ගැනීමට අද (09) සමත්ව තිබෙනවා.

මේ වන විට ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර එතෙක් එම පිරිස මීගමුව, සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක රඳවා තැබීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. නිරෝධායන වැඩපිළිවෙල කඩ කරමින් කටයුතු කළ මෙම පිරිස සොයා ගැනීමට ජා-ඇල පොලිසිය සහ සුදුවැල්ල මරඳමඩු දේවස්ථානයේ මීසම් පාලකවරයා නාවික හමුදාවට සහය ලබා දී ඇත.

ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top