අද (09) පස්වරු 01.00 සිට හෙට උදෑසන 07.00 දක්වා පැය 18 ක කාලයක් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, නවගම්පුර, කොළඹ 09 සහ කොළඹ 14 යන ප‍්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන අතර අදාළ කාල සීමාව තුළ කොළඹ 13 සහ 15 යන ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
