කොරෝනා වෛරසය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වූ ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ (Anton Sebastianpillai) මහතා කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.
70 හැවිරිදි වෛද්‍යවරයා දින හතරකට පෙර රෝහල් ගත කර ඇති අතර රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුගිය සෙනසුරාදා (04) මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
1967 වසරේදී ලංකාවේ සහතික ලත් වෛද්‍ය උපාධිය හිමිකරගත් ඔහු ලන්ඩනයේ සුපිරි පෙලේ රෝහල් සමග සමීපව කටයුතු කළ අයෙක් ද වේ. මියගිය වෛද්‍යවරයා අවසන් වරට සේවය කර ඇත්තේ පසුගිය මාර්තු 20 වනදා බව එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
