Advertise with Giraya
NEWS

“ඉදිරි සති දෙක තීරණාත්මකයි” – සෞඛ්‍ය ඇමතිනිය කියයි

ඉදිරි සති දෙක තුළ දී මතු වීමට ඇති සියළුම කෝවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් මතු විය හැකි බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර සිටිය. එසේම, සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතු වීමට දින 14 ක් ගත වන බැවින් දැනට සිටින රෝගීන් සියල්ලම ඉදිරි දින 14 තුළ දී මතු විය හැකි බව ඇය සඳහන් කර සිටියි.

ඇය මෙම අදහස් පළ කලේ, හලාවත ඉරණවිල පිහිටි “අමෙරිකන් හඞ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොරෝනා ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

එමෙන්ම, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති වැඩපිළිවෙල ඉදිරියට ද පවත්වාගෙන යාම මගින් වෛරසය ව්‍යාප්තිය මෙරටින් තුරන් කළ හැකි බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts

එසේම, ඉතාලියේ සිට පැමිණි අය නිසා ඇති වූ ගැටළුව මේ වන විට අවසන් අදියරේ පසුවන බවත් දැනට ඉන්දුනීසියාව, ඩුබායි සහ ඉන්දියාව වැනි රටවල්වල සිට පැමිණි ආසාදිතයන්ගෙන් සම්බන්ධකම් පැවැත් වූ රෝගීන් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාවෙන් විශාල වශයෙන් රෝගීන් වාර්තා වීමක් අපේක්ෂා නොකරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ වැඩි කිරිමට සාපේක්ෂව රෝගීන් හමු නොවන බවත් එය ඉතාමත් හොඳ ලක්ෂණයත් බවත් ඔහු සඳහන් කරයි. නමුත්, තවත් රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ පුළුල් කරමින් සිටින බවත් ඔහු සඳහන් කර සිටියි.

දැනට තිබෙන තත්ත්වය යහපත් වුවද සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම සඳහා දැනට රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලේ ලිහිල්භාවයක් සිදු නොකළ යුතු බව ඔහු අවධාරණය කර සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top