මේ දිනවල කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩව සහන සැළසීමේ වැඩ පිළිවෙලක නිරත වී සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම තම මෙහෙවර තවත් පුලුල් කරමින් ඉදිරියට පවත්වාගෙන යමින් සිටිනවා.
අද දිනයේ දී ද ආහාර ලබා දීමේ කටයුත්තට අවශ්‍ය බඩු බාහිරාදිය මිල දී ගැනීමට ඔහු පිටකොටුවේ මැනිං වෙළඳපොලට ගොස් තිබෙනවා. තම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට පුද්ගලිකවම මැදිහත් වී ඔහු කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුනා.


