වර්තමානයේ අප මුහුණ දී ඇති බරපතළ අභියෝගය භාර ගැනීම එකිනෙකාගේ ශක්තියේ ප්‍රමාණය අනුව කළ හැකි දෙයක් බවත් ඒ සඳහ මහා පරිමාණ සැලසුම් හෝ නොයෙකුත් විදග්ධ මතවාදයන් ගැන සංවාද කිරීම ඊට අදාළ අය විසින් සිදු කරනු ලැබීමට ඉඩ හැර ජනතාව විසින් ඉතාම සරලව ක්‍රියාත්මක කළ හැකි යමක් ගැන අලුතින් සිතීමට යොමු විය යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා සඳහන් කරයි.
ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි ‘වාග් සංග්‍රාමය පසෙකලා වගා සංග්‍රාමය අරඹමු’ යන තේමාවෙන් වීඩියෝවක් එක් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
දැනට පෙනෙන්නට ඇති ළඟ එන ආහාර ගැටලුවට පිළියමක් වශයෙන් උදැල්ල අතට ගෙන පොළොව සමග හැප්පිය යුතු බවත් ගෙවත්තේ සරළ වගාවන් ඇරඹිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
එම අදාළ වීඩියෝව පහතින්.
