Advertise with Giraya
NEWS

Breaking News: කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

Update 4.43 PM

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 183 ක් වේ.

තවද, රෝගීන් 145 දෙනෙකු මේ වන විට රෝහල්ගත වී ප්‍රතිකාර ලබන අතර 32 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

____________________________________________________________________________

මෙරටින් වාර්තා වු නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු රෝගීන් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (07) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එසේම, වාර්තා වූ රෝගීන් අතරින් රෝගීන් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙන බව වාර්තා වේ.

අද (07) උදෑසන මෙරට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මරණයට පත් වූ අතර මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top