යාපනයේ ක්‍රියාත්මක ”ආවා කල්ලියේ” ප්‍රාදේශීය නායක විනෝදන්ගේ උපන් දිනය සැමරීම සදහා ඇඳිරි නීතිය මධ්‍යයේ පැවති මත්පැන් සාදයක් වටලා ආරක්ෂක අංශ විසින් ආවා කල්ලියේ සාමාජිකයින් හතර දෙනෙකු ඊයේ (06) සවස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යාපනයේ මල්ලාකම් අධිකරණ මාවතේ පිහිටි නිවසක් තුළ දහවල් කාලයේ සිටම මෙම සාදය පවත්වා ඇති අතර මේ පිළිබදව යාපනයේ තෙලිප්පලෙයි පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව එක්ව එම නිවස වටලා තිබේ.
මේ අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් කොටසක් යාබද වත්තකට පැන පලා ගොස් ඇති අතර එහි සිටි හතර දෙනෙකු අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
මේ සාදය සදහා යොදා ගත් මත්පැන් බෝතල් කීපයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර එම සාදය පවත්වා ඇත්තේද ”ආවා කල්ලියේ” සාමාජිකයෙකුගේ නිවසක් තුල බවට තොරතුරු හෙලි කරගෙන තිබේ
අත් අඩංගුවට ගත් හතර දෙනාම ”ආවා කල්ලියේ” සාමාජිකයින් බවට තොරතුරු ලැබී ඇති බව පවසන තෙලිප්පලෙයි පොලීසිය ඔවුන්ගේ නිවෙස් සෝදීසී කිරීමටද අධිකරණ නියෝග ලබා ගෙන තිබේ. එම නිවාස සෝදීසි කිරීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව නීති මගින් කරයුතු කිරීමට තෙලිප්පලෙයි පොලීසිය පියවර ගෙන තිබේ.
