Advertise with Giraya
NEWS

කාම්බෝජයේ සිට පැමිණි පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහලේ දී හදිසියේ මියයයි

කාම්බෝජයේ සංචාරය කොට පැමිණි පුද්ගලයෙකු යාපනය ශීක්ෂණ රෝහලට අද ඇතුළත් කිරීමෙන් පසු හදිසියේම මිය යාමත් සමගම ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා මියගිය පුද්ගලයාගේ රුධිර සාම්පල රසායනාගාරයක් වෙත යවා තිබේ.

එසේම, ඔහුගේ රුධිර සාම්පල පිළිබඳව වාර්තාවක් ලැබෙන තුරු මියගිය අයගේ දේහය නිදහස් නොකිරීමට යාපන ශීක්ෂණ රෝහලේ පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

වයස අවුරුදු 58 ක් වන මේ පුද්ගලයා පසුගිය පෙබරවාරී මස 7 වෙනිදා යාපනයට පැමිණ ඇත්තේ කාම්බෝජයේ සංචාරය කොට එහි කෙටි කලක් ජීවත් වීමෙන් අනතුරුවය.

Giraya News Alerts

හදිසියේම ඔහු රෝගී තත්ත්වයට පත්වීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු රෝහල් ගත කොට ස්වල්ප වේලාවකදී මියගොස් තිබේ.

මේ නිසා ඔහු මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත බවට විශාල සැකයක් හට ගැනීම නිසා ඔහුගේ රුධිර සාම්පල දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කළ බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.කේතිස්වරන් මහතා පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top