Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හැකිතාක් පයින් යන්න… ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට උපදෙස්

අද දිනයේ නිවසින් බැහැරව යාමේදී හැකිතාක් පයින් ගමන් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ති‍්‍රරෝද රථවලින්, යතුරු පැදිවලින් හෝ වෙනත් වාහනවලින් නගර වෙත පැමිණීමෙන් වළකින ලෙසට යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් මහල් නිවාස සංකීර්ණ ආශි‍්‍රතව ජීවත් වන ජනතාවගේ මානසික තත්ත්වය උසස් තත්ත්වයකට පවත්වාගෙන යාමේ අරමුණින් සංගීත වැඩසටහනක් ඊයේ (05) ආරම්භ කෙරුණා.

Giraya News Alerts

මේ අතර ති‍්‍රවිධ හමුදාවේ මෙහෙයවීමෙන් තවදුරටත් දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 40 ක නිරෝධායන කි‍්‍රයාවලිය සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top