Advertise with Giraya
NEWS

මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයාට මෙරටට ගොඩබැසීමට අවසර ලැබෙයි

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාවේ සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ලෝක සවාරියක් සඳහා පිටත්ව ගොස් ඇති ඉතාලි සමාගමකට නෞකාවක් වන මෙය පවතින තත්ත්වය යටතේ ඕස්ට්‍රේලියාවේ ෆ්‍රීමැන්ටල් වරායට ඇතුළු වීමට අවසර නොලැබී ඇති බැවින් පසුගිය 24 වන දා ලෝක සවාරිය අතරමඟදී නවතා දමා නැවතත් ඉතාලිය බලා ගමන් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම නෞකාවේ සිටින කිසිදු මගියෙකුට කෝවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බව වාර්තා වේ.

Giraya News Alerts

මෙම තත්ත්වය යටතේ, ඕස්ට්‍රේලියාවේ සිට යළිත් තම මව් සමාගම වෙත යන මෙම නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව ඇති බැවින් තමන්ට රට තුළට ඇතුළු වීම සඳහා අවසර ලබා දෙන මෙන් එම නෞකාවේ සේවය කරන අනුර හේරත් සූපවේදියා ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, අද දිනයේ දී ඔහුට මෙරටට ගොඩබැසීම සඳහා අවසර ලැබී ඇති අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතා සඳහන් කළේ ඉන්ධන ලබාගැනීම සඳහා අදාල නෞකාව අද අද කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලාමට නියමිත අතර එහිදී ඔහු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියාසිටියේ ගොඩබිමට පැමිණි වහා මෙම ශ්‍රී ලාංකිකයා දින 14 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් රැගෙන යාමට නියමිත බවයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top