Update 11.35
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් එක් රෝගියෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 176 දක්වා ඉහළ යනු ඇත.
අද දිනට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
Update 8.52 PM
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි
Update 7.30 PM
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත. ඒ අනුව, දැනට හඳුනාගෙන ඇති මුළු රෝගීන් ගණන 174 දක්වා ඉහළ ගොස් ඇත.
Update 6.20 PM
අද සවස 5 වන විට තවත් රෝගීන් පස් දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබීය. ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය ලැබූ දෙදෙනාද සමග 29 දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 කි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ගණන 259 කි.
____________________________________________________________________________
මෙරටදී හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.
ඊයේ පස්වරුවවන විට නව ආසාදිතයින් 07 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන, කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගියේය.
තවත් රෝගීන් 133 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.
වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 273 කි.
