කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන ඇති අතර ඉන් ඖෂධ රැසක් විනාශයට පත් වී ඇති බව වාර්තා වේ.
අද(05) පෙරවුරු 11.15ට පමණ රෝහලේ ඖෂධ ගබඩාවේ මෙම හදිසි ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
