කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය නිසා දැනට ලොව පුරා සිදු වූ මරණ ගණන 65,000 කට ආසන්නව වෙමින් පවතියි. ඒ, පුද්ගල මරණ 64,744ක් වාර්තා කරමින්ය. දැනට ලොව පුරා මිලියනයටකට අධික පුද්ගලයින් පිරිසක් වෛරසය ආසාදන වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් 891,636 දෙනෙකු දැනට ආසාදිත තත්ත්වයේ පසුවෙයි.
ඊයේ (04) දිනයේ දී ද ලොව පුරා රටවල් වල වාර්තා වූ කොරෝනා මරණවලින් වැඩිම ගණන වාර්තා වූයේ ඇමරිකාවෙන් වන අතර ඒ පුද්ගල මරණ 1331ක් වේ. මේ වන විට ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් වෛරසය පැතිර යන අතර ඊයේ (04) දිනයේ දී පමණක් පුද්ගලයින් 34,196 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඇමරිකාවට පසුව ඊයේ දිනයේ දී වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ ප්‍රංශයෙන් වන අතර ඒ පුද්ගල මරණ 1000ක් ඉක්මවා යාමකි. ඒ අනුව, දැනට දිනකට ඇමරිකාවෙන් සහ ප්‍රංශයෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මරණයට පත් වේ. ප්‍රංශයෙන් ඊයේ (04) දිනයේ දී නව ආසාදිතයන් 7788 දෙනෙකු වාර්තා වී ඇති අතර වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 89,953ක් වේ.
එසේම, දැනට බ්‍රිතාන්‍යයේ ද සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර ඊයේ (04) දිනයේ දී පමණක් එරටින් පුද්ගල මරණ 708 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඊයේ දිනයේ දී පමණක් නව ආසාදිතයින් 3735 දෙනෙකු හඳුනාගෙන ඇති අතර දැනට වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 41,903ක් වේ.
ඉතාලිය අභිබවා දැනට ඇමරිකාවේෙ, ප්‍රංශයේෙ, ස්පාඤ්ඤයේ සහ බ්‍රිතාන්‍යයේ සිදුවන මරණ ගණන වැඩි වීමක් පෙන්නුම් කළ ද ඊයේ (04) දිනයේ දී ද පුද්ගල මරණ 500 ඉක්මවමින් එම රටේ පුද්ගලයින් 681 දෙනෙකු මරණයට පත් වී ඇත.
