නව කොරෝනා වෛරසය වැලදී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවට වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය වැලදීමෙන් මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් ගණන 27ක් වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙයි.
දැනට හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 166ක් වන අතර ඊයේ (04) දිනයේ දී පමණක් රෝගීන් 7 දෙනෙකු හඳුනා ගෙන ඇත. රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් සැක සහිත පුද්ගලයින් 273 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
