Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 200ක් සැඟවෙයි

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා පැවසුවේය.

අදාළ රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා වූ බවටත් එම රෝගීන් 07 දෙනාම කොරෝනා වයිරස්ය වැළඳුන ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙළි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවේය.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top