Advertise with Giraya
NEWS

රටම සංවේදී කරවූ තෙවරප්පෙරුමගේ කෙටි විවේකය

මේ දිනවල, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පුරා ජනතාවගේ ආදරය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ, පවතින තත්ත්වය හමුවේ ඔහු විසින් පෞද්ගලිකවම මැදිහත් වී කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩව සහන සැළසීමේ ක්‍රියාවලියක නිරත වීම ඊට හේතුවයි.

ඔහු විසින් තම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 20,000කගේ පමණ කුසට ආහාර සපයමින් සිටින බව වාර්තා උනා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ඊට අවශ්‍ය අවසර ලබා ගැනීමේ ක්‍රියාවලියට උපකාර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හෙළි කර සිටියා.

මේ වන විට සමාජ ජාල තුළ සීග්‍රයෙන් සංසරණය වන ඡායාරූපයක් හේතුවෙන් ඔහු යළිත් ජනතාව අතර කතාබහට ලක්වී තිබෙනවා. එම ඡායාරූපයෙන් දැක්වෙන්නේ තෙවරප්පරෙුම මහතා සිය සහන සැළසීමේ වැඩ පිළිවෙල අතරතුර අධික තෙහෙට්ටුව හේතුවෙන් ආහාර පිළියෙල කරනා ස්ථානයේම කෙටි නින්දක් ලබා ගන්නා අයුරු එහි දැක්වෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top