ආසියාවේ විශාලතම මුඩුක්කුවක් ලෙස සැලකෙන මුම්බායිහි “ධරාවි මුඩුක්කුවෙන්”කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟම ඉන්දියාව දැඩි කැලඹීමකට ලක්ව තිබෙනවා.
මෙම මුඩුක්කුවෙහි මිලියනයක පමණ ජනතාවක් වාසය කරන අතර ,එය ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය මෙන් 30 ගුණයක ජන ඝනත්වයකින් පිරි ප්‍රදේශයක් වේ. එහි වර්ග කිලෝ මීටරයක පුද්ගලයින් 280,000 කට ආසන්න පිරිසක් වාසය කරයි.
මියගොස් ඇති පුද්ගලයා 56 හැවිරිදි වියෙහි සිටි අයෙක් වන අතර ඔහුට කිසිදු සංචාරක ඉතිහාසයක් නොමැති බව වාර්තා වේ. පසුගිය බදාදා ප්‍රාදේශීය රෝහලකට ඇතුල් කිරීමෙන් අනතුරුව කල පරීෂණවලින් ඔහුට කොරෝනා බව තහවුරු වී තිබෙන අතර ඉන් පැයකට පමණ පසුව ඔහු මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය පුද්ගලයා ඇසුරු කල නිවාස 300 ක් සහ පෙට්ටි කඩවල් 90 කට ආසන්න පිරිසක් මේ වන විට වස දමා ඔවුන් හුදෙකලා කර තිබෙන අතර පවුලේ කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.
යම් හෙයකින් මෙම මුඩුක්කු පේලිය හරහා වෛරසය පැතිර ගියහොත් එය කිසි ලෙසකින්වත් පාලනය කල නොහැකි බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ කියා සිටින්නේ.
