නව කොරෝනා වෛරසය වැළඳී රෝහල් ගතව සිටි තවත් රෝගියෙක් සම්පුර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයින් 25 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
අද (04) පෙරවරු 10.00 වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 273 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
මෙරට නව කොරෝනා වෛරසය වැලදුනු රෝගීන් 159 දෙනා ගෙන් 38 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයන් වාර්තා වේ.
ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 26ක්, කළුතර රෝගීන් 25ක්, ගම්පහ රෝගීන් 11ක්, මහනුවර රෝගීන් 4ක් සහ යාපනයෙන් රෝගීන් 07 දෙනෙක් වාර්තා වී ඇත.
