රෝහලට ඇතුළත් කිරීමේ දී පදිංචිය පිළිබඳව කරුණු සඟවමින් නාගොඩ රෝහලේ දී දරුවෙක් ප්‍රසූත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.
එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙක්ම වාර්තා වූ බැවින් රෝහල් බලධාරින් සඳහන් කර සිටියේ එම කාන්තාව රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ඇතුළු කරුණු සඟවන්නට ඇති බවයි.
කෙසේ වුවත්, මේ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය වැළදී තිබු කාන්තාවට නිරාවරණය වීමෙන් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇත.
එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැ යි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටයි..
පසුගිය සති කිහිපයේදී මෙවැනි ආකාරයේ කොරෝනා වෛරසය වැළඳී ඇති පුද්ගලයින්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරින් රැසක් නිරෝධායනයට ලක් කිරිමට සිදුවිය.
