Advertise with Giraya
NEWS

ග්‍රෑන්ඩ්පාස් වාස් පටුමගත් වසා දමයි

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මරදාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ජීවත් වූ ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය තවදුරටත් වසා දමා තිබෙන අතර එහි වෙසෙන ජනතාවගේ මානසිකත්වය ඉහළ නැංවීමේ අරමුණීන් පොලිස් සංගීත කණ්ඩායම විසින් එම නිවාස සංකීර්ණය අසල සංගීතමය වැඩසටහක් ඉදිරිපත් කළා.

මේ අතර අදාළ පුද්ගලයාගේ පුත‍්‍රයෙකු වාසය කළ ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ තවදුරටත් වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ය.

ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී තිබේ. ඒ අනුව අදාළ අවස්ථාවේ එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එම කාන්තාව ඊයේ රාති‍්‍රයේ අයි ඞී එච් රෝහල වෙත යොමු කෙරුණු බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

අදාළ කාන්තාවගේ සැමියා පසුගිය 31 වනදා හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත් වූවෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේ වනවිට අනාවරණ වී තිබේ. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප‍්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළි වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top