Update 10.38
මෙරට කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 159 ක් බවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
Update 10.10 PM
තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.
_________________________________________________________________________
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (03) පස්වරුවේ තවත් වෛරසය ආසාදනය වූ රෝගියෙකු හඳුනාගැනීමත් සමඟයි.
එසේම, අද දින තවත් රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර දැනට රෝගීන් 24 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ. දැනට රෝගීන් 125 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි.
