කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ හදුනාගත් රෝගීන් තිදෙනා ඇතුළුව වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 125ක් වේ.
ඔවුන් ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මෙරට තුළ හදුනාගත් සමස්ත රෝගීන් 151 දෙනෙකු අතරින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු සුව ලබා පිටව යාමත් සමඟ මේ වන විට පුද්ගලයින් 22 දෙනෙකු සුවය ලබා තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
