Advertise with Giraya
NEWS

කොරෝනා නිසා මියගිය සිව්වන පුද්ගලයාගේ තොරතුරුත් එළියට

ඊයේ (02) මියගිය මෙරට සිව්වන කොරෝනා ආසාදිතයා පිළිබඳ තොරතුරු රැසක්
මේ වන විට අනාවරණ වී තිබෙනවා. 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා නම් පුද්ගලයෙකු වූ මොහු නැදිමාල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

එමෙන්ම මොහු ඉකුත් දා ඔහු බිරිඳ සමඟ ඉන්දියාවේ සංචාරය කර දිවයිනට පැමිණි අයෙකු වන අතර ඔහු නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ද යොමු වී තිබේ. පසුව රෝග ලක්ෂණ මතු වීමෙන් ඔහු සහ බිරිඳ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පසුව මොවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසන්නේ ඔවුන් කටුනායකට පැමිණි පසු ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකික පිරිස කලබලකාරී ලෙස හැසිරුණ අවස්ථාවේදී එම තත්ත්වයට මැදි වී තිබෙන බවයි. එබැවින් ඔවුන්ට ඉන්දියාවේ දී හෝ කටුනායක ගුවන් තොටුපොළේ දී වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කෙරේ.

Giraya News Alerts

කෙසේ වෙතත්, මීට පෙර වෛරසය ආසාදිත මිය ගිය තිදෙනාටම වෙනත් සැලකිය යුතු මට්ටමේ රෝග තිබුණත් සිව්වැනි පුද්ගලයාට එවැනි සැලකිය යුතු මට්ටමේ රෝග තිබී නැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.

නියුමෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගිය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ ප‍්‍රකාශ කර සිටියා.

මෙම පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එසේම, මොහු ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන බව වාර්තා වෙයි

ගත වූ දින 06 තුළදී පමණක් මෙරටදී කොරෝනා මරණ 04 ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 151 ක් වේ. ඉන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 126 ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top