ජාත්‍යන්තර එක්දින හෝ විස්සයි – 20 තරඟයක් වෙත කාලගුණයෙන් බලපෑම් එල්ල වුවහොත් එහි දී යොදාගන්නා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රධාන දායකත්වයක් දැක්වූ ටෝනි ලුවිස් පසුගියදා එංගලන්තයේ දී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
වෘත්තියෙන් ගණිතඥයකු වන ටෝනි ලුවිස් මිය යන විට 78 වැනි වියේ පසුවූ අතර 1997 වසරේදී එංගලන්ත – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ දී ෆ්‍රෑන්ක් ඩක්වර්ත් නම් ගණිතඥයා සමඟින් එක්වී ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය පළමු වරට ලොවට හඳුන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් 1999 වසරේදී පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දී නිල වශයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා යොදා ගැනීමට කටයුතු කළේ ය.
තවද, ගණිතයටත් ක්‍රිකට් ක්‍රීඩාවටත් සිදු කරන ලද විශිෂ්ට සේවය හේතුවෙන් 2010 වසරේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ විශිෂ්ටම ගෞරව සම්මානයට ද ටෝනි ලුවිස් මහතා පාත්‍ර වී තිබීම කැපී පෙනන සිදුවීමකි.
එමෙන්ම, එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ බොල්ටන්හිදී මෙලොව එළිය දුටු ටෝනි ලුවිස් එංලන්තයේ ෂෙෆිල්ඩ් විශ්ව විද්‍යාලයෙන් ගණිතය සහ සංඛ්‍යානය වෙනුවෙන් විශේෂ උපාධිධාරියෙක් ද වෙයි.
