ගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි දින කිහිපය ශ්රී ලංකාවට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප‍්‍රකාශ කළේ මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා හැකි ඉක්මනින් කොරොනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කි‍්‍රයාවලිය කඩිනම් කළ යුතු බවයි.
ඒ අනුව සැක සහිත රෝගීන් කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කරමින් කියා සිටියා.
කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිය සංගමය මීට පෙර සිදුකළ පුරෝකථනයන් මේ වනවිට සත්‍ය තත්ත්වය පත්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.
එම සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්ගර පෙන්වා දුන්නේ මාර්තු 24 වැනිදා වසංගතයක කොටස් 04ක් ගැන සිය සංගමය සමාජ ගත කිරීමක් කළ බවයි.
