Advertise with Giraya
FOREIGN

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන අද (02) දිනයේ දී 50,000 ඉක්මවා ගිය අතර ඇමරිකාවෙන් දැනට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා විය.

දැනට ඇමරිකාවේ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 228,771 ක් වන අතර ඉන් 213,113 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවෙයි. එසේම, දැනට ඇමරිකාවෙන් පුද්ගල මරණ 5374 වාර්තා වී ඇති අතර ඊයේ (01) දිනයට පමණක් වැඩිම මරණ ගණනක් වූ පුද්ගල මරණ 1049ක් වාර්තා විය. මේ වන විට ඉතාලිය පසු කරමින් ඇමරිකාවේ සීඝ්‍ර ලෙස මෙම වෛරසය පැතිර යන අතර අද(02) දිනයේ දී මේ වන විට නව ආසාදිතයින් 13,768 දෙනෙකු හඳුනාගෙන ඇත.

එසේම, තවමත් ඉතාලියේ තවමත් වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩු වීමක් පෙන්නුම් කර නැති අතර ඊයේ (01) දිනයට පමණක් රෝගීන් 4782 ක් වාර්තා වී ඇති අතර අද දිනයේ දී මේ වන විට රෝගීන් 4668 දෙනෙකු වාර්තා වී ඇත.

Giraya News Alerts

ඊයේ (01) දිනයේ දී රටවල් 5ක් එනම්, ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යන රටවල් වලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගියා.

මේ වන විට ලොව පුරා 993,174 දෙනෙකු වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top