Advertise with Giraya
NEWS

අත්‍යාවශ්‍ය ඖෂධ – ඉන්ධන හැර සෙසු භාණ්ඩ ආනයනය අත්හිටුවීම හා සීමා කෙරේ

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේය.

එසේම, දැනට පවතින තත්ත්වය යටතේ ආහාර ආනයනය කරන රටවල් වල ආහාර හිඟයක් ඇති විය හැකි බැවින් ඇති නොවී ජනතාවට අවශ්‍ය ආහාර පාන රට තුළම නිෂ්පාදනය කර ගැනීමේ මහා වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම ආමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති බවත් එය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා දැනුම් දුන්නා.

Giraya News Alerts

එය ‘සෞභාග්‍යා’ නමින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන බවත් එය මෙම මස 09 වැනි දින විශේෂ සමාරම්භක අවස්ථාවක් ලෙස යොදා ගනිමින් රට පුරා ක්‍රියාත්මක කෙරන බවත් ඔහු පැවසුවා. මෙම වැඩසටහන යටතේ ගෙවතු වගාව, කුඩා කණ්ඩායම් වශයෙන් සමූහ ගොවිපොළවල්, කොට්ඨාශ වශයෙන් මහා පරිමාණ ගොවි ව්‍යාපෘති සිදු කිරීම සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් හා අවශ්‍ය සහයෝගය රජය මඟින් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ යටතේ, බඩ ඉරිඟු, මුං ඇට, උඳු, කොල්ලු, සෝයා, කව්පි, තල, රටකජු, කුරක්කන්, ලොකු ළුෑණු, රතු ළූණු, අමු මිරිස්, අර්තාපල් සහ කහ ඇතුළු කෘෂි බෝග විශේෂයෙන් ප්‍රවර්ධනය කොට වගා කිරීමට තීරණය කර ඇති බවත් දැනුම් දුන්නා.

දැනට පවතින සහල් සහ අත්‍යාවශය ද්‍රව්‍ය ඉදිරි සති දෙකක කාලයකට ප්‍රමාණවත් බවත් රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කිසිදු ගැටළුවක් ඇති කර නොගත යුතු බවත් එහිදී දැනුම් දුන්නා.

මීට අමතරව, රජයේ සේවකයන් නොවන විශ්‍රාමිකයන්ට, වැඩිහිටියන්ට, සමෘද්ධිලාභීන්ට, අබාධිත, ස්වයං රැකියා නිරත වූවන්, ළමා ආරක්ෂක අධිකාරියේ යටතේ සිටින ළමයින් ඇතුළුව හතලිස් ලක්ෂයට වැඩි පිරිසකට අවම වශයෙන් රු. 5000ක් වැනි අවම දීමනාවක් ලබා දීමේ ක්‍රියාවලියක් පිළිබඳව විශේෂ කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් දැනුම් දුන්නා.

තවද, ගර්භණී මව්වරුන්ට තම සායනික සටහන් පත් අවසරපතක් ලෙස භාවිත කරමින් රෝහල වෙත යා හැකි බවත් ත්‍රීපෝෂලාභීන්ට ත්‍රීපෝෂ නිවසටම ලබා දීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය දැනුම් දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top