දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව මුහුණ දී තිබෙන විශාලතම අභියෝගය කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන ව්‍යසනය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ප්‍රකාශ කර සිටියි.
මේ වන විට කෝවඩ් 19 වෛරසය නිසා ලොව පුරා මරණ 42,000 ඉක්මවා ඇති අතර ආසාදිතයින් ගණන 860,000 කට ආසන්න වේ.
ගත වූ පැය 24 තුළ දි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් හා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වි ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වේ. ඒ අනුව, ඊයේ (31) දිනයේ දී පමණක් ඇ.එ.ජ පුද්ගල මරණ 912ක් හා ආසාදිතයින් 24,742ක් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 8658 දෙනෙකුම වාර්තා වි ඇත්තේ නිව්යෝර්ක් වලින් ය. එසේම, දැනට ඇ.එ.ජ වාර්තා වී ඇති මුළු රෝගීන් ප්‍රමාණය 188,592ක් වන අතර ඉන් 177,286 දෙනෙක් ආසාදිත තත්ත්වයේ පසුවේ.
ඉතාලියෙන් ගත වූ පැය 24 තුළදී පුද්ගල මරණ 837 දෙනෙකු වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 4053 දෙනෙකු වාර්තා වී ඇත. දැනට කොරෝනා වෛරසය නිසා ඉතාලියේ පුද්ගලයින් 12,428ක් මරණයට පත් වී ඇත. එසේම, දැනට ඉතාලියේ 15,729 දෙනෙකු සුවය ලබා ඇත.
ස්පාඤ්ඤයේ ඊයේ (31) දිනයට පමණක් පුද්ගලයින් 748 දෙනෙකු මරණයට පත් වී ඇති අතර මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 8464 ක් දක්වා ඉහළ ගොස් ඇත. ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 7967 දෙනෙකු ස්පාඤ්ඤයෙන් හඳුනාගෙන ඇති අතර ඒ අනුව වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 95,923 ක් වේ.
ස්පාඤ්ඤයෙන් පසුව ඊයේ (31) දිනයේ දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ප්‍රංශයෙන් ය. ඒ අනුව, ඊයේ (31) දිනයේ දී ප්‍රංශයේ පුද්ගලයින් 499 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
මීට අමතරව, ඊයේ දිනයේ දී පමණක් බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 381ක්, බෙල්ජියමේ පුද්ගලයින් 192ක්, නෙදර්ලන්තයේ පුද්ගලයින් 175ක්, ඉරානයේ පුද්ගලයින් 14ක් හා ජර්මනියේ පුද්ගලයින් 130ක් ද ජීවිතක්ෂයට පත් වී ඇත.
