අද (31) දින පස්වරුවේ හඳුනාගත් රෝගීන් 10 දෙනා පුත්තලමේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වී ඇති අතර මොවුන්ගෙන් කිසිවෙකු කොරෝනා වෛරසය ආසාදිත බවට මූලික රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කර නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග ඇසුරු කරන ලද පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගනු ලැබු අතර මොවුන් 10 දෙනා ද ඒ අතරට අයත් වේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කලේ එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු ගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී අද (31) දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනා ගැනීමට හැකිවූ බවයි.
එම පුද්ගලයින් 20 දෙනා මිට පෙර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් ලෙස හඳුනා ගෙන තිබු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
