Update 11.40
මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 143 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙතෙක් එක් දිනට වාර්තා වූ වැඩිම රෝගින් ගණන වූ රෝගීන් 21 දෙනෙකු අද දිනයේ දී වාර්තා වී ඇත.
Update 7.53
මේ වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, අද දිනයේ දී පමණක් රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇත.
දැනට රෝගීන් 17 දෙනෙකු සුවය ලබා ඇති අතර 123 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
___________________________________________________________________________
Update 6.20 PM
අද දිනයේ දී තවත් රෝගීන් තිදෙනෙකු සොයා ගෙන ඇති අතර ඒ අනුව අද දිනයේ පමණක් රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත. මුළු රෝගීන් ගණන 132 දක්වා ඉහළ ගොස් ඇත.
___________________________________________________________________________
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් ගණන 129 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, අද (31) දින පෙරවරුවේ තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දැනට සුවය ලද මුළු රෝගින් ගණන 16 ක් වේ.
එසේම, පුද්ගලයින් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
