කොවිඩ්19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු සොයා ගැනීමත් සමඟ දකුණු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ රෝහලේ 05වන වාට්ටුව සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ. එහි සිිටි රෝගීන් 15 දෙනෙකු සහ වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
අදාල රෝගීන් 15 දෙනා හෝමාගම මූළික රෝහලට මාරු කර යවා ඇති අතර රෝහල් කාර්යය මණ්ඩලය කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂිත ගොඩනැගිල්ලක නිරෝධායනය සඳහා රදවා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එම රෝහලේදී හදුනා ගත් කොරෝනා ආසාදිතයා දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් පමණ පුද්ගලයෙක්. එම පුද්ගලයා ඊයේ (30) පස්වරුවේ IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පුද්ගලයා රෝගය පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙකු බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (30) දිනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ද සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෑතකදී මෙරටට පැමිණ ඇති බව ද වාර්තා වනවා.
මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා යාපනය ප‍්‍රදේශයේ ද සංචාරය කර ඇති අතර පෙරේදා (29) දිනයේ මීගමුව ප‍්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවත් එහිදී වෛද්‍යවරුන්ට සැබෑ තොරතුරු ලබා දී නොමැති බවත් සෞඛ්‍ය අංශ පැවසුවා.
අදාල පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත එම පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ශ්වසන ආබාධවලින් පෙලෙන රෝගියෙකු ලෙස දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනාවරණ කරයි.
මීගමුව මහ රෝහලේ කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු පමණ එම පුද්ගලයාට නිරාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් මීගමුව මූලික රෝහලේ 20 වන වාට්ටුව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එම වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ එහි සිටි රෝගීන් නිරෝධායනයට යොමු කෙරුණා.
මේ අතර, මියගිය එම පුද්ගලයාගේ ආදාහන කටයුතු මීගමුව කොච්චිකඬේ ප‍්‍රදේශයේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදී ඊයේ රාතී‍්‍ර 12.00 ට පමණ සිදු කෙරුණු බව කොච්චිකඬේ පොලිසිය පැවසුවා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව තොරතුරු සඟවන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීති යටතේ දැඩි පියවර ගැනීමට පොලිසිය සූදානම් වේ. මාර්තු 16 වැනිදායින් පසු විදෙස් රටවල සිට පැමිණ ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
