ඇඳිරි නීතිය පවතින වේලාවක මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිඳ ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරයි.
නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම් දීමකට අනුව කළ සොයා බැලීමක දී නිවස සොරුන් බිඳ ඇති බව අනාවරණය වී තිබේ. බොහෝ විට, ඇඳිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වුව ද සොරුන් විසින් එහි තිබී රැගෙන රැගෙන ගොස් ඇති දෑ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ මෙම නිවස අම්බලන්ගොඩ – බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි. මෙම සිද්ධිය පිළිබඳව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
