Advertise with Giraya
NEWS

Breaking News: මෙරට දෙවන කොරෝනා මරණයත් වාර්තා වේ

නව කොරෝනා වෛරසය වැළදී මීගමුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතා තහවුරු කර සිටියි.

මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
පළමුව මෙම රෝගියා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුව මිගමුව මහ රෝහල වෙත මාරු කර ඒවා ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම රෝගියා ඇතුලත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බවද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top