Advertise with Giraya
POLITICS

සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම භයානක තත්ත්වයක් – දෙමළ ජාතික සන්ධානය

මරණීය දණ්ඩනය නියම වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට ජනාධිපති සමාව ලැබීම භයානක තත්ත්වයක් බව දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා සඳහන කර සිටියි.

ඔහු මේ බව යාපනයේදී මාධ්‍යෙව්දීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කොට ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් කරුණු පැවසුවා.

සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්වයක් බවටයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම කොරෝනා අවධානම අතරතුර එය හේතුවක් කොට ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බව යි ඔහු පවසයි.

Giraya News Alerts

ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බව ද මාවෙයි සේනාධිරාජා එහිදී සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top