මේ වන විට කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 33,993 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, වෛරසය ආසාදිත වූවන් ගණන 723,279ක් දක්වා වැඩි වී ඇත. කෙසේ වුව ද මේ වන විට 151,800 ප්‍රමාණයක් සුවය ලබා ඇත.
ගත වූ පැය 24 තුළ දී වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් වේ. ඒ මරණ 821කි. ස්පාඤ්ඤයේ මේ වන විට රෝගීන් 58,598 දෙනෙක් සිටින අතර වාර්තා වූ මුළු රෝගීන් ගණ 80,110ක් වේ.
ස්පාඤ්ඤයෙන් පසුව ගත වූ පැය 24 තුළ වැඩිම රෝගින් ගණනක් වාර්තා වූයේ ඉතාලියෙන් වන අතර ඒ පුද්ගල මරණ 756 ක් වේ. දැනට ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 10,779 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 3906 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවේ. කෙසේ වෙතත්, මේ වන විට ඉතාලියෙන් වාර්තා වන නව ආසාදිතයින් ගණන සහ පුද්ගල මරණ සංඛ්‍යාවෙහි අඩු වීමක් පෙන්නුම් කරයි. ඉතාලියෙන් වාර්තා වුන මුළු කොරෝනා වෛරසය අසාදිත වූවන් සංඛ්‍යාව 97,689ක් වන අතර 13,030ක් සුවය ලබා ඇත.
මේ අතර, ප්‍රංශයෙන් ඊයේ(29) දිනයේ දී පුද්ගල මරණ 292ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 2599ක් හඳුනාගෙන ඇත. දැනට ආසාදිත වූවන් 30,366 දෙනෙකු සිටින අතර වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 40,174ක් වේ. මුළු මරණ සංඛ්‍යාව 2606ක් වන අතර රෝගීන් 7202 ක් සුවය ලබා ඇත.
ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ 18,882කි. ගත වූ පැය 24 තුළ දී ඇ.එ.ජ පුද්ගල මරණ 209ක් වාර්තා වන අතර මුළු මරණ සංඛ්‍යාව 2484 දක්වා වැඩි වී ඇත. මේ වන විට ඇ.එ.ජ කොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගීන් 142,462 ක් වාර්තා වී ඇති අතර ඉන් 4559 දෙනෙකු සුවය ලබා ඇත.
