Update 3.50 PM
තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමෙන් මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. එසේම, තවත් රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ මුළු රෝගීන් ගණන 14 දෙනෙකු වේ.
_____________________________________________________________________________
කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
එසේම, මේ වන විට පුද්ගලයින් 117 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර පුද්ගලයින් 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
