Advertise with Giraya
POLITICS

පටු දේශපාලන වාසි ගන්න ගිය අයට ඩලස්ගෙන් කන කිස් කන පිළිතුරක්

ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී මාතර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් දේශපාලන රැස්වීමක් පවත්වා ඇති බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් සිය ෆේස්බුක් පිටුවෙහි අදහස් දක්වමින් පළ කර තිබූ සම්පුර්ණ පෝස්ටුව පහතින් දැක්වේ.

“මඩින් නැතුව ගොඩින් එන්න”

මැතිවරණ රැස්වීම් නිල වශයෙන් අත්හිටවූ පළවෙනි දිස්ත්‍රික්කය මාතර බවත් මාර්තු 14 න් පසූ කිසිම දේශපාලන රැස්වීමක් හෝ කටයූත්තක් නොපැවැත්වූ බවත් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරමි.

මීට ඉහත දිනකදි මාගේ ප්‍රකාශයක් මා සමාජගත කරා. එහිදී මා සඳහන් කරා මේ හදීසි ආපදා අවස්තාවේ දේශපාලන ක්‍රියාවලියක යෙදෙන ඕනෑම කෙනෙක් සමාජයේ නිරුවත් කරන්න කියායි.

1993 සිට මාගේ දේශපාලන ඉතිහාසය, මා කිසිම දිනක මැතිවරණ නීති උල්ලංඝනය කර නොමැති බවට සාක්ෂි දරනවා. එම නිසයි, කිසිදූ පෝස්ටරයක්, බැනරයක්, කට්අවූට් එකක්, පොලිතීන් කැබැල්ලක් නැතුව දශක දෙකහාමාරක් පූරා මැතිවරණ රාශීයකට මූහූණ දූන්නේ. එ් බව මාතර ජනතාව හොඳින් දන්නා කරුණක්.

ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවෙ සිටම මාතර දිස්ත්‍රික්කයට මූහූණ දීමට සිදූවූ ප්‍රශ්ණ ජනතාව හොඳින් දන්නවා. මාතර රෝහල, සෞඛ්‍යය සේවය ඇතුළු සියළුම ප්‍රශ්ණ වලට පෞද්ගලිකව මැදිහත් වී, මැතිවරණ දේශපාලන මූළුමනින්ම ඉවත් කර, මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනූවෙන් , මා, කංචන විජේසේකර හිටපූ ඇමතිතුමා සහ තවත් බොහෝ ජනතා නියෝජිතයන් එක්ව, තීන්දූ රාශීයක් ගනූ ලැබූවා. එය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු, පරිපාලන නිලධාරීන් සහ ආරක්ෂක අංශ හොඳටම දන්න කරුණක්.

අකුරැස්ස, පිටබැද්දර, කොටපොල, මූලටියන, දික්වැල්ල යන ප්‍රදේශ වල පාණීය ජලය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් ගැටළු සහගත තත්වයක් පැණ නැගුනා. එයිනූත් අකුරැස්සට එම තත්වය දැඩි ලෙස බලපෑවා. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ, එම කොට්ටාශ වල මහජන නියෝජිතයො, ස්වේච්ඡා සේවකයො ඇතුළු කණ්ඩායමක් එකතු කරගෙන අපි ජල ප්‍රශ්ණයට නිශ්චිත විසඳූමක් යෙදූවා. එම සාකච්ඡාවයි මෙසේ විකෘති කර තිබෙන්නේ.

කංචන විජේසේකර හිටපූ ඇමතිතුමා ද මෙම මඩ ප්‍රචාරයට එරෙහි පිළිතුරක් දී තිබෙනවා.

මා කිසිම මොහොතකදී ජාතික අවශ්‍යතාවයකට උඩින් පෞද්ගලික අවශ්‍යතාවක් තැබූ කෙනෙක් නොවෙයි. අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටූවේ සභාපතිවරයා වශයෙන් මට එ් පිලිබඳව වගකීමක් ද තිබෙනවා. එම නිසා, මෙම මහජන අවශ්‍යතාවයක් වෙනූවෙන් පැවැත්වූ සාකච්ඡාවකට වැරදි අර්ථකතනයක් දෙමින් දේශපාලන වශයෙන් තමන්ගේ බංකොලොත්භාවය වසා ගන්නට දරන මෙවැනි උත්සහයන් ගැන කණගාටූ වෙමි.

මේ අපහාස කරන්නේ, අගෞරව කරන්නේ මට නොව මාතර දිස්ත්‍රික්කයේ ජනතාවටයි.

ප්‍රශ්ණ තිබීමම තමන්ගේ දේශපාලනය පැවැත්ම කරගත් පක්ෂ සහ දේශපාලකයන් සිටිනවා. ඔවූන් ප්‍රශ්ණ තුලින්ම තමයි තමන්ගේ දේශපාලනය කරන්නේ. ප්‍රශ්ණ විසඳූ විට තමන්ගේ දේශපාලන පැවැත්ම අහෝසි වන මොවූන් මෙවැනි පහත් ක්‍රියාවන් වලට එලඹීම ද පූදූමයට කාරණයක් නොවන බවද සඳහන් කරන්නට කැමැත්තෙමි.

මේ සම්බන්ධව පලකර තිබෙන ප්‍රකාශයන් හී භාෂාව සහ යෙදූම් තුලින්ම නිර්මාණකරුවන්ගේ බංකොලොත්භාවය, කල්ක්‍රියාව, නිරුවත්භාවය, අශීලාචාරකම සහ දේශපාලන වූවමනාවන් පැහැදිලි වෙයි.

මේ සියළු පාර්ශවයන්ගෙන්ම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙවැනි තීරණාත්මක අවස්ථාවකදීවත් “මඩින් නැතුව ගොඩින් එන්න” කියායි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top